වර්ෂ 2020 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන
සමෘද්ධි වැඩසටහන - 2020
- ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි බැංකු සංගම් 03කි. එනම් ඉපලෝගම , සේනපුර හා විජිතපුර වේ. කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රතිලාභීන් ගණන 2502 ක් වේ . ප්‍රජා මූල සංවීධාන 70 ක් වේ. සමෘද්ධි බැංකු තුනක් අප කෝට්ඨාශයට අයිති අතර මෙහි කණ්ඩායම් සමිති ගණන 1323 ක් ද බැංකු සාමාජික සංඛ්‍යාව 8759 කි
- බැංකු මගින් රුපියල් මිලියන දෙසීයකට ආසන්න මුදලක් අයෝජනය කර ඇති අතර පුද්ගලයින් 3790ක් සඳහා රුපියල් මිලියන එකසිය අනුවක පමණ මුදලක් පිට හිටි ණය ලෙස ලබාදී ඇත .
සමාජ සංවර්ධන වැඩසටහන
- එමෙන් සමාජ සංවර්ධන යනු එහි තවත් එක් විශේෂ වු අංශයකි.පෙර වර්ෂ වල මෙන් මෙම වර්ෂයේ ප්‍රතිපාදන අප වෙත සමාජ සංවර්ධනය සදහා නොලැබුනද දිරිය පියස නිවාස හා වකුගඩු නිවාස යටතේ නිවාස දෙකක වැඩ අවසන් කර ඇත.එනම්.
488 වලව්වේගම පදිංචි ධම්මිකා රාමනායක මහත්මිය හා 515 තිලකපුර හිරිපිටියාගම පදිංචි නිරංජලා සරෝජනි යන අය වෙතයි
- තවද සමාජ ආරක්ෂණ විශේෂ නිවාස වැඩසටහන යටතේ 514 කුංචිකුලම වසමේ ශ්‍යාමලී නිසංසලා යන අය හට නිවසක් ඉදි කර දිම සිදු කර දෙමින් පවති.
- තවද කොරෝනා වසංගත තත්වය මත අසරණ වු පවුල් සදහා වියලි සලාක මලු ඉපලෝගම සමෘද්ධි බැංකුව මගින් බෙදා දෙන ලදි.
- සනිපාරක්ෂක විශේෂ වැඩසටහන යටතේ වැසිකිලි නොමැති අයගේ තොරතුරු ලබා ගනිමින් පවති.
ජිවනෝපා සංවර්ධන වැසටහන
- බර වාහන යන්ත්‍රෝපකරණ හා රියදුරු පුහුණු යටතේ සමෘද්ධි ප්‍රතිලාභීගේ දරුවන් 12 දෙනෙකු සදහා පුහුණු ලබා දීමට අදාල නාමලේඛණ අනුමැතිය සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇත.
- ජිවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ සවිබල ගැන්වුන දිරිය හපන්නුන්
- 514 කුංචිකුලම වසමේ ලාලනී හෙට්ටිආරච්චි (ලාලනි කොන්ක්‍රිට් වර්ක්ස්)
- 509 නිරෝෂා හෙට්ටිආරච්චි ( මිකිරි නිශ්පාදන)
- 514 බි.එම්.ජි කේ එම් බංඩාරනායක (පේර වගාව)
සමාජ ආරක්ෂණ වැඩසටහන 2020 අගෝස්තු 31 දිනට
විශේෂ උපත් ( නිවුන් දරු) 01 - 5000.00
විවාහ 01 - 10000.00
රෝග 08 - 32200.00
මරණ 05 - 100000.00
සිප්දොර 204 - 306000.00
2020.08.31 වන දිනට සහනාධාර යටතේ
1 සේනපුර සමෘද්ධි බැංකුව 969 - 1901700.00
2 විජිතපුර සමෘද්ධි බැංකුව 1055 - 2093700.00
3 ඉපලෝගම සමෘද්ධි බැංකුව 952 – 1822700.00 ක් ලෙස 5818100.00 ක මුදක් ගෙවීම් කර ඇත.
- නිවාස ලොතරැයි වැඩසටහන 2020 වැඩසටහනට අදාලව කොට්ඨාශයේ නිවාස 08 ක් සදහා ලකෂ 16 ක වියදමින් නිවාස ඉදි කර ඇත
සමෘද්ධි ප්‍රජා මූලබැංකු සමිතිය
ආයෝජන තොරතුරු
- ඉපලෝගම සමෘද්ධි බැංකුව - 73787027.00
- සේනපුර සමෘද්ධි බැංකුව - 89934465.00
- විජිතපුර සමෘද්ධි බැංකුව - 86727560.00
- සමුහ සංරක්ෂණ - 5690410.00
- ණය සංරක්ෂණ - 11436810.00
ලෙස රු.: 267576272.00 ක මුදලක් ආයෝජනය කර ඇත.
- ඉසුර ණය වැඩසටහන
- මෙම ණය වැඩසටහන යටතේ ණය ප්‍රතිලාභීන් 10 දෙනෙකු සදහා 7178900 .00 ක් ගෙවීම් කර ඇති අතර දැනට පිටහිටි ණය ලෙස ණය 04 ක් සදහා රු.2817528.00 ක මුදලක් පවති.
- සේවක ණය
- නිලධාරීන් 54 දෙනෙකු සදහා රු.540000.00 ක මුදලක් මුදා හැර ඇත.
- සේවක නිලදරු ණය වෙනුවෙන් නිළධාරීන් 33 දෙනෙකු සදහා රු.30650000.00 ක මුදලක් මුදා හැර ඇත
- සමාජ ප්‍රතිලාභ ගෙවීම් - කොවිඩ් 19 පැවති කාලය තුළ ජීවනෝපාය අහිමි වූවන් වෙනුවෙන් බැංකු මට්ටමින් ගෙවීම්
-
සමෘද්ධි බැංකුව අප්‍රේල් මැයි සංඛ්‍යාව මුදල සංඛ්‍යාව මුදල සේනපුර 3169 15845000.00 3159 15795000.00 විජිතපුර 3186 15845000.00 3173 15865000.00 ඉපලෝගම 2919 14595000.00 2909 14545000.00 මුළු ගෙවීම් 9294 46370000.00 9231 46205000.00














