-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය--මත් ද්‍රව්‍ය නිවාරණ සතිය-විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම
ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන විෂ මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව පාසල් ළමුන්, තරුණ ප්‍රජාව සහ දෙමව්පියන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල වාසය කරන ප්‍රජාව දැනුවත් කිරීම සඳහා රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහනට සමගාමී ව මත් ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් අයෝමි රත්නායක මහත්මියගේ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම් අජන්තා වික්‍රමරත්න මහත්මියගේ මෙහෙයවීමෙන් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් නිර්මාණය කර ඉදිරිපත් කරන වීදි නාට්‍ය ප්‍රදර්ශන මාලාව සහ අත්පත්‍රිකා බෙදා දෙමින් දැනුවත් කිරීමේ වැඩසටහන 2026.03.06 වන දින ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ විය.



විෂ මත්ද්‍රව්‍යයෙහි ආදීනව සහ එයින් මිදීමේ වැදගත්කම අවධාරණය කරමින් "මරණ මංචකය" වීදි නාට්‍යය කොට්ඨාසයේ ස්ථාන හතරක එනම් ප්‍රදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට, විෂ මත්ද්‍රව්‍යයෙහි ආදීනව සහ එයින් මිදීමේ වැදගත්කම අවධාරණය කරමින් "මරණ මංචකය" වීදි නාට්‍යය කොට්ඨාසයේ ස්ථාන හතරක එනම් ප්‍රදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට, රණජයපුර හන්දිය, රණජයපුර පාසල ඉදිරිපිට, ගෝණපතිරාව යන ස්ථාන වල සාර්ථකව ප්‍රදර්ශණය කරන ලදී.



මීට සමගාමීව ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න මාකවිට මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය විසින් විෂ මත්ද්‍රව්‍යයෙහි ආදීනව සහ ව්‍යාප්තිය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා බලප්‍රදේශය පුරා දැනුවත් කිරීමේ වැඩටහනක්ද පවත්වන ලදී. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලවල විශාල පිරිසක්ද මෙම අවස්ථා සදහා එක්වූහ.


2026 නව වසර ආරම්භ කිරීම
2026 ජනවාරි පළමුවන දින ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින්, නව වසරේ වැඩ කටයුතු ආරම්භයට ප්‍රථමයෙන් සංඝයා වහන්සේලාගේ වැඩමවීමෙන් ආගමික වතාවත් හා පිරිත් දේශනාවක් සිදු කොට නව වසර සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදී.

අභිනව වසරේදී ප්‍රාදේශීය ලේකම් තුමිය තම නිලධාරීන් අමතමින් වසරේ වැඩකටයුතු සාර්තක කර ගැනීමට ඔවුන්ව දිරිමත් කළාය.

ඉන්පසු ඉපලෝගම ප්‍රදේශයේ තම සේවා අපේක්ෂකයින්ට තමන්ගේ උපරිම සේවය ලබා දීමටත්, කැප වී සේවය කිරීමටත් සහ සේවා අර්ථයන් රකිමින් සේවය කිරීමටත්, මෙම නිලධාරීන් විසින් නව වසරේ ප්‍රතිඥාව ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, ගණකාධිකාරී තුමිය, පරිපාලන ග්‍රාම නිලධාරී තුමා ඇතුළු නිලධාරීන් සහභාගී විය.
ඉපලෝගම දී පැවැත් වූ ගෝලීය ව්‍යවසායකත්ව සතියේ අනුරාධපුර දිස්ත්‍රික් සැමරුම් වැඩසටහන

“ එක්ව ගොඩනඟමු' (Together We Build) යන තේමාව යටතේ - ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සංවිධානය කළ 2025 ගෝලීය ව්‍යවසායකත්ව සතියෙහි (GEW) සමාරම්භක අවස්ථාව නොවැම්බර් 14 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහනේ ජාතික සත්කාරක සංවිධානය ලෙස මෙවරත් කටයුතු කරනු ලබන්නේ ICTA ආයතනය යි. මීට සමඟාමීව අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරීය මහතාගේ මගපෙන්වීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ව්‍යාපාර සේවා මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි පසුගියදා (14) පැවැත්වී ය. “ එක්ව ගොඩනඟමු' (Together We Build) යන තේමාව යටතේ - ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සංවිධානය කළ 2025 ගෝලීය ව්‍යවසායකත්ව සතියෙහි (GEW) සමාරම්භක අවස්ථාව නොවැම්බර් 14 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහනේ ජාතික සත්කාරක සංවිධානය ලෙස මෙවරත් කටයුතු කරනු ලබන්නේ ICTA ආයතනය යි. මීට සමඟාමීව අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරීය මහතාගේ මගපෙන්වීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ව්‍යාපාර සේවා මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි පසුගියදා (14) පැවැත්වී ය. මෙහිදී අදහස් දක්වමින් අනුරාධපුර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක සුගත් නයනානන්ද මහතා පවසා සිටියේ , වර්තමානයේ දී සමාජ මාධ්‍ය වැනි මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ව්‍යවසායකයින්ට පහසුවෙන්ම තම භාණ්ඩ හා සේවා අලෙවි කර ගැනීමේ හැකියාව පවතින බව යි. ව්‍යවසායකයින්ට පැමිණෙන ඕනෑම ගැටලුවක් සඳහා උපදෙස් ලබාගැනීමට රාජ්‍ය නිලධාරින් රැසක් සිටින බවත් , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටා ඇති ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය වැනි ආයතන මගින් ද උපදේහන සහය ලබාගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

වැඩසටහනේ දී අදහස් දක්වමින් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් අයෝමි රත්නායක මෙනවිය පැවැසුවේ , ව්‍යවසායකයින් තම හැකියාවන් වැඩිදියුණු කරගනිමින් නව වෙළ ද පොල අවස්ථාවන් හඳුනා ගත යුතු බව යි. එමෙන්ම ව්‍යවසායකයෙක් නිර්මාණාත්මක චින්තනය භාවිත කරමින් තම ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම සිදුකර ගැනීමට හැකි බව, එලෙස දියුණු වූ අයෙකුගේ ජීවිත කතාව ඇසුරින් පැහැදිලි කළා ය. වැඩසටහනේ දී අදහස් දක්වමින් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් අයෝමි රත්නායක මෙනවිය පැවැසුවේ , ව්‍යවසායකයින් තම හැකියාවන් වැඩිදියුණු කරගනිමින් නව වෙළ ද පොල අවස්ථාවන් හඳුනා ගත යුතු බව යි. එමෙන්ම ව්‍යවසායකයෙක් නිර්මාණාත්මක චින්තනය භාවිත කරමින් තම ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම සිදුකර ගැනීමට හැකි බව, එලෙස දියුණු වූ අයෙකුගේ ජීවිත කතාව ඇසුරින් පැහැදිලි කළා ය.

මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අනුරාධපුර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් පුෂ්පකුමාර ලියනගම, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂක ක්‍රිශාන්ත බෝපගේ,ඉපලෝගම සහකාර ප්‍රාදේශීය ලේකම් පී.ජී.අජන්තා කුමාරි වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරි, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, පේෂකර්ම දෙපාර්තමේන්තුව,විද්‍යා හා තාක්ෂණ , ළමා හා කාන්තා කටයුතු, කාර්මික සංවර්ධන මංඩලය,සමාජ සේවා දෙපාර්ථමේන්තුව යන ආයතන නියෝජනය කරමින් නිලධාරින් සහ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් මෙන්ම ව්‍යවසායකයින් විශාල පිරිසක් සහභාගි වූහ.

වරිච්චි බිත්ති - ගී සැඳෑව
කලාඔය සහ කලාවැව පිටාර ගැලීම හේතුවෙන් අවතැන් වූ අනුරාධපුර, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ මානසික සුවය උදෙසා, "වරිච්චි බිත්ති" නමින් ගී පද විවරණ වැඩසටහනක් දෙසැම්බර් මස 13 වන දින කාගම, 6 ඇළ ශ්‍රී අභ්‍යරාජ විහාරස්ථානයේදී පැවැත්වුනා..

පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන්, ඉපලෝගම ප්‍රාදේශීය සභා සහාපති ප්‍රසන්න මාකවිට, ප්‍රාදේශීය ලේකම් අයෝමි රත්නායක ඇතුළු මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම බලපෑමට ලක්වූ පවුල් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූ මෙම වැඩසටහන විශාරද ඉමාශ් කෝදාගොඩ ප්‍රමුඛ වලාකුළු වාද්‍ය වෘන්දය විසින් සංගීතයෙන් හැඩ ගැන්වූ අතර, විශාරද දිනිති අමායා කෝදාගොඩ , කැළුම් චම්පිකා පෙරේරා සහ ප්‍රේම් කෝදාගොඩ යන කලාකරුවන් ගීත ගායනයෙන් එක් වුනා.

ප්‍රාදේශීය ලේකම් අයෝමි රත්නායක, ප්‍රසන්න අබේරත්න සහ ප්‍රේම් කෝදාගොඩ ගීත විචාරයෙන් දායකත්වය දැක්වූවා.

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දේශීය වෛද්‍ය අංශය මගින් සංවිධානය කළ වෛද්‍ය සායන වැඩසටහන.

2024.07.30 වන දින ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රාදේශීය ලේකම්තුමිය හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය අමාළි මහත්මියගේ සම්පත් දායකත්වය ඇතිව දේශීය වෛද්‍ය අංශය මගින් සංවිධානය කළ වෛද්‍ය සායන වැඩසටහන සාර්ථකව නිමා කරන ලදි.

එහිදී කාර්යාල නිලධාරීන් පරීක්ෂා කර රෝග ඇත්නම් ඒවා හඳුනා ගැනීම සිදුකළ අතර එලෙස හඳුනාගත් නිලධාරීන් දැනුවත් කර ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කරන ලදී.















