ඉපලෝගම දී පැවැත් වූ ගෝලීය ව්‍යවසායකත්ව සතියේ අනුරාධපුර දිස්ත්‍රික්  සැමරුම් වැඩසටහන

44

“ එක්ව ගොඩනඟමු' (Together We Build) යන  තේමාව යටතේ - ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සංවිධානය කළ 2025 ගෝලීය ව්‍යවසායකත්ව සතියෙහි (GEW) සමාරම්භක අවස්ථාව නොවැම්බර් 14 දින  අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහනේ ජාතික සත්කාරක සංවිධානය ලෙස මෙවරත් කටයුතු කරනු ලබන්නේ ICTA ආයතනය යි. මීට සමඟාමීව අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරීය මහතාගේ මගපෙන්වීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ව්‍යාපාර සේවා මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි පසුගියදා (14) පැවැත්වී ය. “ එක්ව ගොඩනඟමු' (Together We Build) යන  තේමාව යටතේ - ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සංවිධානය කළ 2025 ගෝලීය ව්‍යවසායකත්ව සතියෙහි (GEW) සමාරම්භක අවස්ථාව නොවැම්බර් 14 දින  අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහනේ ජාතික සත්කාරක සංවිධානය ලෙස මෙවරත් කටයුතු කරනු ලබන්නේ ICTA ආයතනය යි. මීට සමඟාමීව අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරීය මහතාගේ මගපෙන්වීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ව්‍යාපාර සේවා මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි පසුගියදා (14) පැවැත්වී ය. මෙහිදී අදහස් දක්වමින් අනුරාධපුර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක සුගත් නයනානන්ද මහතා පවසා සිටියේ , වර්තමානයේ දී සමාජ මාධ්‍ය වැනි මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ව්‍යවසායකයින්ට පහසුවෙන්ම  තම භාණ්ඩ හා සේවා අලෙවි කර ගැනීමේ හැකියාව පවතින බව යි. ව්‍යවසායකයින්ට පැමිණෙන  ඕනෑම ගැටලුවක් සඳහා උපදෙස් ලබාගැනීමට  රාජ්‍ය නිලධාරින් රැසක් සිටින බවත් ,  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටා ඇති ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය වැනි ආයතන මගින් ද උපදේහන  සහය ලබාගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

33

වැඩසටහනේ දී අදහස් දක්වමින්  ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් අයෝමි රත්නායක මෙනවිය  පැවැසුවේ  , ව්‍යවසායකයින්  තම හැකියාවන් වැඩිදියුණු කරගනිමින් නව වෙළ ද පොල අවස්ථාවන් හඳුනා ගත යුතු බව යි. එමෙන්ම ව්‍යවසායකයෙක් නිර්මාණාත්මක චින්තනය භාවිත කරමින් තම ව්‍යාපාරය වැඩි දියුණු  කර ගැනීම සිදුකර ගැනීමට  හැකි බව,  එලෙස දියුණු වූ අයෙකුගේ ජීවිත කතාව ඇසුරින් පැහැදිලි කළා ය. වැඩසටහනේ දී අදහස් දක්වමින්  ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් අයෝමි රත්නායක මෙනවිය  පැවැසුවේ  , ව්‍යවසායකයින්  තම හැකියාවන් වැඩිදියුණු කරගනිමින් නව වෙළ ද පොල අවස්ථාවන් හඳුනා ගත යුතු බව යි. එමෙන්ම ව්‍යවසායකයෙක් නිර්මාණාත්මක චින්තනය භාවිත කරමින් තම ව්‍යාපාරය වැඩි දියුණු  කර ගැනීම සිදුකර ගැනීමට  හැකි බව,  එලෙස දියුණු වූ අයෙකුගේ ජීවිත කතාව ඇසුරින් පැහැදිලි කළා ය.

11

මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අනුරාධපුර දිස්ත්‍රික්  නියෝජ්‍ය අධ්‍යක්ෂක  ප්‍රදීප් පුෂ්පකුමාර ලියනගම, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂක ක්‍රිශාන්ත බෝපගේ,ඉපලෝගම සහකාර ප්‍රාදේශීය ලේකම් පී.ජී.අජන්තා කුමාරි වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරි, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, පේෂකර්ම දෙපාර්තමේන්තුව,විද්‍යා හා තාක්ෂණ , ළමා හා කාන්තා කටයුතු, කාර්මික සංවර්ධන මංඩලය,සමාජ සේවා දෙපාර්ථමේන්තුව යන ආයතන  නියෝජනය කරමින් නිලධාරින්  සහ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් මෙන්ම  ව්‍යවසායකයින් විශාල පිරිසක් සහභාගි වූහ.

55

 

 

News & Events

10
Mar2026
-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය- විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය- විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය--මත් ද්‍රව්‍ය නිවාරණ සතිය-විෂ...

12
Jan2026
2026 නව වසර ආරම්භ කිරීම

2026 නව වසර ආරම්භ කිරීම

2026 නව වසර ආරම්භ කිරීම   2026...

Scroll To Top