ඓතිහාසික විජිතපුර, කලාවැව සතර මහා දේවාල කිරි ඉතිරවීමේ මංගල්යය සහ පෙරහැර මංගල්යය - 2023




පාසල තුළ ව්‍යවසායකත්ව සංකල්ප ප්‍රවර්ධනය වැඩසටහන
පාසල් පද්ධතිය තුළ ව්‍යවසායකත්ව සංකල්ප ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ අනුරාධපුර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ, ව්‍යවසායකත්ව සංවර්ධනය ඒකකයේ මග පෙන්වීම් යටතේ, ඉපලෝගම ප්රාදේශීය ලේකම් කාර්යාල, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද ව්‍යවසායකත්ව සංකල්ප ප්‍රවර්ධන කිරීමේ වැඩසටහන 2023/08/10 දින ගන්තිරියාගම මහින්ද ජාතික පාසලේ ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.


ඉපලෝගම ප්රාදේශීය ලේකම් කාර්යාලය කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි ඩී.එන්.එස්. කුමාර මහතා මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දුන් අතර ගන්තිරියාගම මහින්ද ජාතික පාසලේ වාණිජ අංශය නියෝජනය කරමින් ගුරුභවතුන් හා තෝරාගත් සිසුන් පිරිසක් මේ සඳහා සම්බන්ධ කරගන්නා ලදී.


රජයේ වී මිලදී ගැනීමේ සහ වී තොග බැහැර කිරීමේ වැඩ වැඩසටහන - පළමු අදියර
රජයේ වී මිලදී ගැනීම් සහ වී තොග බැහැර කිරීමේ වැඩසටහන යටතේ ඉපලෝගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ආර්ථික අපහසුතාවන්ට පත් පවුල් වල අයට වියළි ආහාර බෙදා දීමේ අරමුණින් එම වැඩසටහනේ මුල් අදියර ලෙස 512 ගලගෙදරගම වසමේ ආර්ථික අපහසුතාවන්ට පත් පවුල් 67ක් වෙනුවෙන් සහල් බෙදා දීම සාර්ථකව සිදු කරන ලදී.


මෙම වැඩසටහන අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර මහත්මියගේ සහභාගිත්වයෙන් සහ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්තුමිය හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් ගලගෙදරගම වසමේ අලුවිහාරයගම ප්‍රජා ශාලාවේදී පැවැත්වූ අතර මේ සඳහා ඉපලෝගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ දායකත්වය ද ලබා දෙන ලදී.

මෙම වැඩ වැඩසටහන් යටතේ ඉපලෝගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ආර්ථික අපහසුතාවයන්ට පත් පවුල් 5962ක් සඳහා සහල් බෙදා දීමට අපේක්ෂා කරයි.


ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනයය හා නිවාරණය පිළිබඳ ඩෙංගු සතිය.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ගේ සහභාගිත්වයෙන් 2023.05.15 දින උතුරු මැද පළාතේ ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනය හා නිවාරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවේදී ඩෙංගු සතියක් ක්‍රියාත්මක කළ යුතු බවට තීරණය කරන ලදී.


ඒ අනුව ඉපලෝගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ඩෙංගු සතිය ක්‍රියාත්මක කරමින් විවිධ වැඩසටහන් පවත්වනු ලැබූ අතර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කලා වැවේ වැව් බැම්ම ආශ්‍රිත ඩෙංගු මර්දනය කිරීමේ ශ්‍රමදානයක් 2023.05.26 දින සාර්ථකව පවත්වන ලදී.



අභිමානවත් 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව පැවැත්වු සමරු උළෙල හා රුක් රෝපණ වැඩසටහන - 2023
අභිමානවත් 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව 2023.02.04 දින ඉපලෝගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වු සමරු උළෙල හා රුක් රෝපණ වැඩසටහන ප්රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්රාදේශීය ලේකම්තුමා ඇතුලු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාර්ථක ලෙස පවත්වන ලදී.



















