-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය--මත් ද්‍රව්‍ය නිවාරණ සතිය-විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම
ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන විෂ මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව පාසල් ළමුන්, තරුණ ප්‍රජාව සහ දෙමව්පියන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල වාසය කරන ප්‍රජාව දැනුවත් කිරීම සඳහා රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහනට සමගාමී ව මත් ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් අයෝමි රත්නායක මහත්මියගේ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම් අජන්තා වික්‍රමරත්න මහත්මියගේ මෙහෙයවීමෙන් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් නිර්මාණය කර ඉදිරිපත් කරන වීදි නාට්‍ය ප්‍රදර්ශන මාලාව සහ අත්පත්‍රිකා බෙදා දෙමින් දැනුවත් කිරීමේ වැඩසටහන 2026.03.06 වන දින ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ විය.



විෂ මත්ද්‍රව්‍යයෙහි ආදීනව සහ එයින් මිදීමේ වැදගත්කම අවධාරණය කරමින් "මරණ මංචකය" වීදි නාට්‍යය කොට්ඨාසයේ ස්ථාන හතරක එනම් ප්‍රදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට, විෂ මත්ද්‍රව්‍යයෙහි ආදීනව සහ එයින් මිදීමේ වැදගත්කම අවධාරණය කරමින් "මරණ මංචකය" වීදි නාට්‍යය කොට්ඨාසයේ ස්ථාන හතරක එනම් ප්‍රදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට, රණජයපුර හන්දිය, රණජයපුර පාසල ඉදිරිපිට, ගෝණපතිරාව යන ස්ථාන වල සාර්ථකව ප්‍රදර්ශණය කරන ලදී.



මීට සමගාමීව ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න මාකවිට මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය විසින් විෂ මත්ද්‍රව්‍යයෙහි ආදීනව සහ ව්‍යාප්තිය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා බලප්‍රදේශය පුරා දැනුවත් කිරීමේ වැඩටහනක්ද පවත්වන ලදී. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලවල විශාල පිරිසක්ද මෙම අවස්ථා සදහා එක්වූහ.
















