අපගේ දැක්ම
විශිෂ්ට වූ යහපාලනයෙන් සමෘද්ධිමත් ජනතාවක්අපගේ මෙහෙවර
රාජ්‍ය ප්රතිපතත්තීන් වලට අනුකූලව සේවා සැපයීම , රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වමින් තිබෙන හා ලැබෙන සම්පත් අරපිරිමැස්මෙන් උපරිම ප්‍රයෝජනයට යොදවමින් සැලසුම් සහගත ක්‍රියාවලියකින් තිරසාර සංවර්ධනය උදෙසා සාමාන්‍ය පරිපාලනය තුළින් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට සහන සැලසීමයි .01 හැදින්වීම.
ඓතිහාසික විජිතපුර රජමහා විහාරය හා පුරාණ වාරි තාක්ෂණය විදහාපාන කලාවැව වැනි ශ්‍රී ලාංකිකයින්ට සුවිශේෂි වූ ස්ථාන රාශියකින් සමන්විත රමණීය භූමිභාගයක් ලෙස ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හැදින්විය හැකිය.ශ්‍රී ලංකාවේ මුල්ම ජනපද ලෙස බිහි වූ සේනපුර වැනි ගම්මාන රාශියක් මේ වන විටත් කොට්ඨාශය පුරා දැක ගත හැකිය.සිංහල,දෙමළ සහ මුස්ලිම් යන සෑම ජනවර්ගයකටම නිවහන වූ මෙම කොට්ඨාශයේ සමස්ථ ජනගහනය 42812 ක් පමණ වේ.
1.1 පිහිටීම
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 22 අතුරින් සුවිශේෂි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් වන ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තලාව,තිරප්පනේ,කැකිරාව,පලාගල හා ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට මැදිව පිහිටා ඇත.මීට අමතරව රණජයපුර, මරදන්කඩවල මාර්ගය, යෝධ ඇළ වැනි සුවිශේෂි මායිම් වලින් ද මෙම කොට්ඨාශය මායිම් වේ.මුහුදු මට්ටමේ සිට මීටර් 124 – 130 අතර උසකින් පිහිටි මෙම භූමියේ වාර්ෂික උෂ්ණත්වය පැරන්හයිට් අංශක 80 ක් අතර පිහිටයි.වාර්ෂික වර්ෂාපතනය ද අගල් 60 ත් 80 ත් අතර පවතී.පසුගිය වර්ෂය තුල එහි ව්‍යාප්තිය දක්නට ලැබුණි.අනුරාධපුර මහනුවර මාර්ගයේ තලාව කැකිරාව අතර පිහිටා ඇති මෙම කොට්ඨාශය අනුරාධපුර සිට කිලෝමීටර් 50 ක් දුරින් ද කැකිරාව සිට කිලෝමීටර් 11 ක් දුරින් ද හමු ව්.
1.2 විශාලත්වය
ග්‍රාම නිළධාරී කොට්ඨාශ 32 කට අයත් ගම්මාන 113 කින් යුතු ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 134 කි.මෙම කොට්ඨාශය තුල ඇති මාර්ග වල දුර ප්‍රමාණය කි.මී. 1622 වන අතර ඉන් ප්‍රාදේශීය සභාවට අයත් මාර්ග වන අතර පළාත් සභාවට අයත් මාර්ග වල දුර කි.මී. 37 පමණ වේ.වර්ග කිලෝමීටර් 18.67 යුත් කුංචිකුලම ග්‍රාම නිළධාරී කොට්ඨාශය විශාලතම කොට්ඨාශය වන අතර වර්ග කිලෝමීටර් 1.08 යුත් කලාවැව කුඩාම කොට්ඨාශය වේ.
1.3 ජලවහන රටාව
කෘෂි කර්මාන්තය මත පදනම්ව ගොඩනැගී ඇති මෙම කොට්ඨාශය පාරම්පරික උරුමය විදහා දක්වන ජලවහන රටාවකින් යුක්ත වේ.පැරණි වාරි තාක්ෂණයේ විශිෂ්ඨතම නිර්මාණය වන යෝධ ඇළ ප්‍රදේශයේ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කරමින් ගලා යන අතර මේ ඇළට සමාන්තරව මෑතකාලීන ඉදිකරන ලද ජය ගඟද ප්‍රදේශයේ ගොවීන්ට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රයක් ලෙස හදුන්වා දිය හැකිය.කලාවැව වැනි විශාල වැව් මානෑව වැනි උප වැව් පද්ධතියකින් සමන්විත වන ජලවහන රටාවක් දැකිය හැකි මෙම කොට්ඨාශයේ වැව් 74 ක් පමණ දක්නට ලැබේ.ඒවා ජාලයක් ලෙස සම්බන්ධ වී ඇති අතර කලාවැව ප්‍රධාන තැනක් ගනී.
1.4 ජෛව විවිධත්වය
කෘෂිකාර්මික වර්ගීකරණයට අනුව වියලි කලාපයට අයත් වන මෙම භූමි ප්‍රදේශයට ආවේනික වෘක්ෂලතා වලින් පරිපූර්ණ වූ වනාන්තර කිහිපයකින් සමන්විත වේ.එම වනාන්තර අතර මානෑව, කුංචිකුලම, දම්පලැස්සෑගම යන ඒවා ප්‍රධාන තැනක් ගනී.මීට අමතරව ප්‍රදේශයට ආව්ණික වූ විවිධ සතුන් හා පක්ෂීන් දැකිය හැකිය.ප්‍රදේශයේ කෘෂි කර්මාන්තය කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවා ඇති මහඉලුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ ආයතනය හා පේරාදෙනිය විශ්ව විද්්‍යාලයට අනුබද්ධිත කෘෂි විද්‍යා පීඨය බෝග වගා සංවර්ධනයට හා දැනුම් සංවර්ධනයට මනා පිටිවහලක් ලබා දෙයි.
1.5 ජන සංයුතිය
ග්‍රාම නිළධාරී කොට්ඨාශ 32 කින් සමන්විත මෙම කොට්ඨාශයේ සමස්ත ජන ගහනය 42812 පමණ වන අතර 35474 තරම් වූ බහුතරය සිංහල වේ.7002 පමණ මුස්ලිම් ජනගහනයක්ද 115 වූ දෙමළ ජනගහනයක්ද කොට්ඨාශය තුල ජීවත් වන ආකාරය දැකිය හැකිය.ආගමික වශයෙන් බලන කල බහුතරය බෞද්ධ ආගමිකයින් වේ.ඉස්ලාම් භක්තිකයන්, හින්දු භක්තිකයන් ද මේ අතර වේ.ඉහලම ජන ගහනයක් වෙසෙන ග්‍රාමනිළධාරී තුලාන වශයෙන් කුංචිකුලම 3315 හැදින්විය හැකි අතර ජනගහනයෙන් 280 ක් ජීවත් වන අමනක්කට්ටුව තුලාන අඩුම ජන ගහනයක් සහිත තුලාන වන අතර කොට්ඨාශයෙහි ජනඝනත්වය වර්ග කිලෝ මීටරයට 320 ක් පමණ වේ.
1.6 කෘෂි කර්මය
රජරට ප්‍රදේශයට පොදු වූ කෘෂිකාර්මික ජීවන රටාව ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ද පොදු වූ ජීවන රටාවයි.බහුතර ජනතාව කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන අතර මහවැලි හා අහස් දියෙන් පෝෂණය වන වැව් 74 ක් මගින් කොට්ඨාශයේ ආර්ථිකය නගා සිටුවීම සදහා දායකත්වය ලබා දේ.වී ප්‍රධාන බෝගය වන අතර මීට අමතරව අතුරු බෝග වගා කටයුතු ද සිදු කරනු ලබයි.එම වගාවන් අතර බඩ ඉරිගු, සෝයා බෝංචි, කව්පි, තල වැනි දෑ ප්‍රධාන තැනක් ගනු ලබයි.1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| රංජිත් ධර්මසේන මයා | 1991 | 1994 |
| යූ.ඩී. යාපා මයා | 1994 | 1996 |
| සරත් විජේසිංහ මයා | 1996 | 2000 |
| ඒ.එම්.කේ.බී. අධිකාරී මයා | 2001 | 2005 |
| කේ.බී. හෙට්ටිආරච්චි මයා | 2005 | 2007 |
| එච්.එම්.පී, බණ්ඩාර මයා | 2007 | |
| ආර්.පී. සත්කුමාර මයා | 2007 | 2011 |
| එම්.එස්.එස්. සාජිදා බානු මිය | 2011 | 2018.05.14 |
| ඊ.ඒ.එස්. එදිරිසිංහ මිය | 2018.05.15 | 2018.10.31 |














